Tuesday, October 9, 2018

දිය මොරල්ලා

                       🌟 දිය මොරල්ලා 🌟

❤️ඉන්දියන් සාගරය සහ පැසිපික් සාගරය ආශ්‍රිතව ඇති පාකිස්තානය ,ඉන්දියාව ,ශ්‍රී ලංකාව, දකුණු චීනය,පිලිපීනය සහ උතුරු ඕස්ට්‍රේලියාවේ වෙරලාසන්න මුහුදේ ද කලපු හා ගං මෝය අසල ද ගැවසෙන දිය මොරල්ලා(Spotted needlefish= Strongylura strongylura) සත්‍ය වශයෙන් මිරිදිය මත්සයෙකු ලෙස සැලකීමට අපහසු උවත් උගේ පැටවුන් හා සුහුබුලන් ගංගාවල ඉහල වඩදිය සීමාවේ ජීවත් වන බව පෙනේ.





❤සාමාන්‍යයෙන් සෙන්ටිමීටර් හතලිහක් පමණ දිගකට වැඩෙන මෙම මත්සයාගේ මුඛයේ හනු හීයක් මෙන් උල් වී ඇත. එසේම උගේ පෞච්ච වරලේ කෙලවර රවුම් වී ඇති අතර එහි පාදස්ථයේ කලු පැහැ විශාල ලපයක් දැකගත හැකිය.දිය මොරල්ලාගේ සිරුර රිදී පැහැයක් ගන්නා අතර වරල්වල් දාර කහ හෝ තැබිලි පාටින් යුක්ත වේ.
❤සෙල්සියස් අංශක 26-29 උෂ්ණත්ව පරාසයක් ඇති ජලයේ වෙසෙන මොවුන් මාංශ භක්ෂක භෝජන රටාවක් පෙන්වයි.ඒ නිසා උන් කුඩා මත්සයන් හා ඉස්සන් රංචු  ගැවසෙන ගං මෝය අසල බහුලව දැක ගත හැකිය.මෙම මත්සයන් මිනිසුන් විසින් ආහාරයට ගනු ලබන නිසා ධීවර කර්මාන්තයේදී මොවුන්ට සුවිශේෂී තැනක් හිමිවේ.
(අනවසරයෙන් උපුටාගැනීම තහනම් )

👉LIKE US ON FACEBOOK

2 comments: