Thursday, October 11, 2018

මල් පුළුට්ටා

                        🌟 මල් පුළුට්ටා 🌟


❤️මල් පුළුට්ටා(Ceylon spotted gourami=Malpulutta kretseri) ශ්‍රී ලංකාවට ආවේණික වූ මත්සයෙකි.සෙන්ටිමීටර් හයක් පමණ සාමාන්‍ය දිගට වැඩෙන මොවුහු කොළඹ,ගාල්ල සහ රත්නපුර යන ත්‍රිකෝණය තුළ පිහිටි නො ගැඹුරු කුඩා දිය පාරවල් කිහිපයක අධික වශයෙන් සෙවණ සහිත ස්ථානයන්හි ජීවත් වෙති. සෙල්සියස් අංශක 24-28 පමණ වූ උෂ්ණත්ව පරාසයක් ඇති ජලයේ වාසයට ප්‍රිය කරන මල් පුළුට්ටා බොහෝවිට ජල පෘෂ්ඨයට ආසන්නව සැරිසරයි.



❤උන්ගේ පෞච්ච වරල ඉතා විශාල වන අතර එහි අගින් සිහින් වී කෙන්දක් මෙන් දික්වී ඇති අතර වරලේ පෘෂ්ඨීය සහ උදරීය පැති අර්ධ වෘත්තාකාර හැඩයක් ගනී.
❤️පිරිමි මල් පුළුට්ටාගේ   සිරුර කළුවන් දුඹුරු පැහැයක් ගන්නා අතර ගැහැණු සතුන්ගේ ඊට වඩා අඩු ය.එසේම මෙම මත්ස්‍යයින් ගේ හිසේ ඉදිරි කොටසේ සිට ජලක්ලෝම පිධානය තෙක් විහිදුණු කලු පැහැති ඉරි තුනක් දැකිය හැකි වන අතර දේහයේ අන් සෑම තැනකම පාහේ කළු පාට කුඩා තිත් විසිරී පවතී.
❤සර්ව භක්ෂකයෙකු වන මෙම මත්ස්‍යයා ජලජ කෘමින්,කෘමි කීටයන්,ඇල්ගී සහ දිරාපත් වන කාබනික ද්‍රව්‍ය ආහාර වශයෙන් ගනී.අතිශයින්ම දැකුම්කලු මත්ස්‍යයෙකු වන මල් පුළුට්ටා විසිතුරු මසුන් ඇති කරන්නන් අතර බෙහෙවින් ජනප්‍රිය මත්ස්‍යයෙකි.
(අනවසරයෙන් උපුටාගැනීම තහනම්:මිතුරන්ට නැරඹීමට ශෙයා කරන්න)

FIND US ON FACEBOOK

No comments:

Post a Comment