🌟 කපුහැන්දා 🌟
❤️ඉන්දු පැසිපික් සාගරයේ සමුදුරු තීරයක් සහිත බොහෝ රටවල් ආශ්‍රිතව දැකගත හැකි කපු හැන්දා ( Silver moony= Monodactylu atgentus) කරදිය, කිවුල්දිය මෙන්ම මිරිදිය පරිසරයන්හි ද වාසය කරයි. සෙන්ටිමීටර් විසිහතක් පමණ දිගකට වැඩෙන මෙම මත්සයා සෙල්සියස් අංශක 24-28 පමණ උෂ්ණත්වයක් ඇති ජලයේ හොදින් වැඩේ.❤️ආසන්න වශයෙන් රවුම් හැඩයක් කපුහැන්දාගේ දේහය රිදී පැහැයෙන් දිදුලයි.එසේම පරිණත මත්සයින්ගේ පෘෂ්ඨීය සහ උදරීය වරල්වල අග කොටස අදුරු කහ පැහැයක් හෝ ළා කලු පැහැයක් ගනී. බොහෝවිට කලපු,බොකු,කඩොලාන,වඩදිය අහල්, ගංමෝය,වගුරු බිම් සහ සෙමින් ගලා බසින මිරිදිය ඇල මාර්ග ආදියේ වෙසෙන කපුහැන්දා කුඩා රංචු හෝ හුදකලා ජීවිතයක් ගත කරයි.මෙම මත්සයා සර්ව භක්ෂකයෙකු වන අතර ඇල්ගී,ප්ලවාංග සහ දිරාපත්වන කාබනික ද්‍රව්‍ය ආහාරයට ගනී.
❤අලංකාර මත්සයෙකු බැවින් කපුහැන්දාට විසිතුරු මත්ස්‍ය කර්මාන්තයේ දී සුවිශේෂී ස්ථානයක් හිමිවේ.ඒ නිසා ස්වාභාවික පරිසරයෙන් අල්ලාගනු ලබන කපුහැන්දන් විශාල ලෙස අපනයනය කරයි.
(අනවසරයෙන් උපුටාගැනීම තහනම්)
👉LIKE US ON FACEBOOKJ
No comments:
Post a Comment