🌟 උඩ හදයා 🌟
❤සෙන්ටිමීටර දහයක් පමණ දිගකට වැඩෙන උඩ හදයා (Ceylon killifish= Aplocheilus dayi) ශ්‍රී ලංකාවට ආවේණික වූ දැකුම්කලු කුඩා මත්ස්‍යයෙකි.ඉන්දියාව හා මැලේසියානු අර්ධද්වීපයේ කිහිප තැනකින්ද මෙම මත්ස්‍ය විශේෂය හමුවී ඇති අතර උන් සාමාන්‍යයෙන් සෙල්සියස් අංශක 20-25 පමණ වූ උෂ්ණත්ව පරාසයක ජීවත් වීමට වැඩි කැමැත්තක් දක්වයි.
❤ඒ නිසා ශ්‍රී ලංකාවේ වුවද මධ්‍යම කදුකරයේ මීටර් එක් දහස් පන්සීයට වඩා උසින් යුතු ප්‍රදේශයන්හි ඇති ගැබුරු පොකුණු, ඇළ දොල සහ සෙමින් ගලා බසින දිය පහරවල් ආශ්‍රිතව මොවුන් දැකගත හැක.කෙසේ නමුත් මොවුන්ට මිරිදිය පමණක් නොව කිවුල්දිය හා කරදිය පරිසරයන්ට ද අනුවර්තන වීමේ හැකියාවක් ද ඇති බව පෙනේ.
❤උඩ හදයා ප්‍රධාන වශයෙන් කෘමීන් සහ ජලජ පැලෑටි ආහාරයට ගෙන ජීවත් වේ. මෙම මත්ස්‍යා විසිතුරු මසුන් ඇති කරන්න අතර ද බෙහෙවින් ජනප්‍රිය සතෙකු වන අතර උක්ත කාර්යය සදහා උන් අල්ලා අපනයනය කිරීම නිසා මේ වන විට මොවුන්ගේ ස්වාභාවික ගහනය ශීඝ්‍රයෙන් අඩු වි ඇති බව වාර්තා වේ.
(අනවසරයෙන් උපුටාගැනීම තහනම් )
👉FIND MORE FACEBOOK
No comments:
Post a Comment