Tuesday, October 9, 2018

කහ කොරලියා

                       🌟 කහ කොරලියා 🌟

❤️සෙන්ටිමීටර අටක් පමණ සාමාන්‍ය දිගකට වැඩෙන කහ කොරලියා(Orange chromide=Etroplus maculates)ස්වාභාවික වශයෙන් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව තුල දැකිය හැකි මත්සයෙකි. බොහෝ විට කිවුල්දිය පරිසරයක විසීමට ප්‍රිය කරන මෙම මත්සයා කලපු හා ඒ ආශ්‍රිත දිය පාරවල්,කඩොලාන ශාක සහ ඒවායේ මුල් අතර සැගවී සිටී. ඊට අමතරව මොවුන් වියලි කලාපයේ ජලජ ශාක අධිකව ඇති වැව් හා ජලාශවල ද දැකගත හැක.




❤සත්ත්ව ප්ලවාංග සහ ඇල්ගී ආහාරයට ගන්නා කහ කොරලියා ඇතැම් විට කුඩා මත්ස්‍ය පැටව්න් ගිල දමන අවස්ථාවද ඇත.කහ පැහැයට හුරු සිරුරක් ඇති මෙම මත්සයගේ දෙපැත්තේ තිරස් අතට දිවෙන තැබිලි පැහැති කුඩා තිත් පේලී රැසක්ද විශාල කලු පැහැති ලප දෙකක්ද දැක ගත හැක.දේහයේ අලංකාරවත් බව නිසා කහ කොරලියා විසිතුරු මත්සයෙකු ලෙසින්ද ඇති කරයි.එසේම මොවුන් මිනිසුන්ගේ ආහාර වශයෙන් යොදාගන්නා අවස්ථාද දැකිය හැක
(අනවසරයෙන් උපුටාගැනීම තහනම් )
👉LIKE US ON FACEBOOK



No comments:

Post a Comment