Thursday, October 11, 2018

මල් පුළුට්ටා

                        🌟 මල් පුළුට්ටා 🌟


❤️මල් පුළුට්ටා(Ceylon spotted gourami=Malpulutta kretseri) ශ්‍රී ලංකාවට ආවේණික වූ මත්සයෙකි.සෙන්ටිමීටර් හයක් පමණ සාමාන්‍ය දිගට වැඩෙන මොවුහු කොළඹ,ගාල්ල සහ රත්නපුර යන ත්‍රිකෝණය තුළ පිහිටි නො ගැඹුරු කුඩා දිය පාරවල් කිහිපයක අධික වශයෙන් සෙවණ සහිත ස්ථානයන්හි ජීවත් වෙති. සෙල්සියස් අංශක 24-28 පමණ වූ උෂ්ණත්ව පරාසයක් ඇති ජලයේ වාසයට ප්‍රිය කරන මල් පුළුට්ටා බොහෝවිට ජල පෘෂ්ඨයට ආසන්නව සැරිසරයි.

Wednesday, October 10, 2018

උඩ හදයා

                           🌟 උඩ හදයා 🌟


❤සෙන්ටිමීටර දහයක් පමණ දිගකට වැඩෙන උඩ හදයා (Ceylon killifish= Aplocheilus dayi) ශ්‍රී ලංකාවට ආවේණික වූ දැකුම්කලු කුඩා මත්ස්‍යයෙකි.ඉන්දියාව හා මැලේසියානු අර්ධද්වීපයේ කිහිප තැනකින්ද මෙම මත්ස්‍ය විශේෂය හමුවී ඇති අතර උන් සාමාන්‍යයෙන් සෙල්සියස් අංශක 20-25 පමණ වූ උෂ්ණත්ව පරාසයක ජීවත් වීමට වැඩි කැමැත්තක් දක්වයි.


Tuesday, October 9, 2018

කහ කොරලියා

                       🌟 කහ කොරලියා 🌟

❤️සෙන්ටිමීටර අටක් පමණ සාමාන්‍ය දිගකට වැඩෙන කහ කොරලියා(Orange chromide=Etroplus maculates)ස්වාභාවික වශයෙන් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව තුල දැකිය හැකි මත්සයෙකි. බොහෝ විට කිවුල්දිය පරිසරයක විසීමට ප්‍රිය කරන මෙම මත්සයා කලපු හා ඒ ආශ්‍රිත දිය පාරවල්,කඩොලාන ශාක සහ ඒවායේ මුල් අතර සැගවී සිටී. ඊට අමතරව මොවුන් වියලි කලාපයේ ජලජ ශාක අධිකව ඇති වැව් හා ජලාශවල ද දැකගත හැක.


දිය මොරල්ලා

                       🌟 දිය මොරල්ලා 🌟

❤️ඉන්දියන් සාගරය සහ පැසිපික් සාගරය ආශ්‍රිතව ඇති පාකිස්තානය ,ඉන්දියාව ,ශ්‍රී ලංකාව, දකුණු චීනය,පිලිපීනය සහ උතුරු ඕස්ට්‍රේලියාවේ වෙරලාසන්න මුහුදේ ද කලපු හා ගං මෝය අසල ද ගැවසෙන දිය මොරල්ලා(Spotted needlefish= Strongylura strongylura) සත්‍ය වශයෙන් මිරිදිය මත්සයෙකු ලෙස සැලකීමට අපහසු උවත් උගේ පැටවුන් හා සුහුබුලන් ගංගාවල ඉහල වඩදිය සීමාවේ ජීවත් වන බව පෙනේ.



Monday, October 8, 2018

කපුහැන්දා

                           🌟 කපුහැන්දා 🌟 

❤️ඉන්දු පැසිපික් සාගරයේ සමුදුරු තීරයක් සහිත බොහෝ රටවල් ආශ්‍රිතව දැකගත හැකි කපු හැන්දා ( Silver moony= Monodactylu atgentus) කරදිය, කිවුල්දිය මෙන්ම මිරිදිය පරිසරයන්හි ද වාසය කරයි. සෙන්ටිමීටර්  විසිහතක් පමණ දිගකට වැඩෙන මෙම මත්සයා සෙල්සියස් අංශක 24-28 පමණ උෂ්ණත්වයක් ඇති ජලයේ හොදින් වැඩේ.